රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් ඇප අවලංගු කරමින් කොළඹ මහාධිකරණය මගින් ප්‍රකාශිත නඩු තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර ඇති ප්‍රතිශෝධන පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අභියාචනාධිකරණය හමුවේ විරෝධතා මතු කර තිබේ.
ප්‍රතිශෝධන පෙත්සම අද(29) අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැදවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා විරෝධතා ඉදිරිපත් කරමින් එම ඉල්ලීම කළ බව අප වාර්තාකරු පැවසිය.
අනතුරුව පෙත්සම පිළිබඳ විභාගය ජුනි මස 11 වනදා පැවැත්වීමට අභියාචනාධිකරණය නියම කළ අතර ප්‍රතිශෝධන පෙත්සමෙන් රාජිත සේනාරත්න මහතා පෙන්වා දී ඇත්තේ පසුගිය දෙසැම්බර් මස 30 වනදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය විසින් කළ නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය ප්‍රකාශ කළ තීන්දුව නීතියට පටහැනි බවයි.
නීතිය වැරදි ලෙස අර්ථකථනය කරමින් තීන්දුව ප්‍රකාශ කර ඇති බැවින් පෙත්සම පිළිබඳව පූර්ණ විභාගයක් පවත්වා මහාධිකරණ විනිසුරුවරයා නිකුත් කළ ඇප අවලංගු කිරීමේ නියෝගය බලරහිත කරන ලෙස රාජිත සේනාරත්න මහතා සිය ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා තිබේ.



