බස්නාහිර පළාතේ සිදුකළ වැටලීමකින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් 714ක් අත්අඩංගුවට

Share

බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ වැටලීමකදී ගත වූ පැය 24 තුළ හෙරොයින් ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 714 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ට නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් පරිදි ඊයේ(30) උදෑසන 6.00 සිට අද(31) උදෑසන දක්වා මෙම වැටලීම් සිදුකර තිබේ.

මෙහිදි හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 218 දෙනෙකු, ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 98 දෙනෙකු, නීති විරෝධි මත්පැන් සහ ගෝඩා ළඟ තබාගත් පුද්ගලයින් 320 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව අයිස්, මාවා, බාබුල්, ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයින් 78 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

Read more

Local News