මහ මැතිවරණ දිනය අභියෝගයට ලක් කරමින් ගොනු කළ පෙත්සම් පිළිබඳ වැඩිදුර සලකා බැලීම අද(01) ශ්‍රේෂ්ඨාධිකරණයේදී 10 වන දිනටත් සිදු කිරීමට නියමිතයි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලීම සිදු කෙරෙයි.
ඒ අනූව අද පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරුන්ගේ පිළිතුරු දේශන ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.