ගල්කිස්ස, සොයිසාපුර ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ගිනි අවිවලින් වෙඩි තබා පලා යාමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ පස්වරුවේ අගුලාන සහ රත්මලාන යන ප්‍රදේශවලදී ගල්කිස්ස පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේය.
අගුලාන ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සහ 36 හැවිරිදි සැකකරුවන් දෙදෙනා සතුව තිබී හෙරොයින් මිලිග්‍රෑම් දෙකයි ග්‍රෑම් 225 ක් ද සොයාගෙන තිබේ.
සැකකරුවන් අද(03) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.