සෞඛ්‍ය සේවය ගැන අගමැතිගේ ප්‍රසාදය

Share

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ශ්‍රී ලාංකේය සෞඛ්‍ය ක්ෂේත්‍රය ක්‍රියාත්මක වූ ආකාරය සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

 

තංගල්ල මූලික රෝහලේ අභිනවයෙන් ඉදිකෙරුණු හෘද රෝග දැඩිසත්කාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

රුපියල් ලක්ෂ 450ක වියදමින් තංගල්ල මූලික රෝහලේ අභිනවයෙන් ඉදිවූ හෘද රෝග දැඩිසත්කාර ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පෙරවරුවේ එක්විය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක්වු අගමැතිවරයා පවසා සිටියේ,

අපේ සෞඛ්‍ය සේවය ලෝකයා ඉදිරියේ ඉතා ආඩම්බරයෙන් නැගී සිටිය හැකි සෞඛ්‍ය සේවයක් වන බවයි.

කොරෝනා හමුවේ දියුණු රටවල් ඇඳ වැටෙන විට ලංකාව ඉහළට එසවීමේ හැකියාව සෞඛ්‍ය සේවයට තිබු බවද අගමැතිවරයා මෙහිදී පැවසීය.

ඒ නිසාවෙන් අපගේ සෞඛ්‍ය සේවය ගැන ආඩම්බර වෙන ගමන් එයට ස්තූතිය ප්‍රකාශ කරන බවද අගමැතිවරයා මෙහිදී කියා සිටියේය.

Read more

Local News