බූස්ස නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 15 දෙනෙකු එම මධ්‍යස්ථානය වෙතින් පිටත්ව ගොස් ඇතැයි නාවික හමුදාව පවසයි.
ඊයේ(06) දිනයේ දී පුද්ගලයින් 05 දෙනෙක්ද, අද(07) දිනයේ දී පුද්ගලයින් 10 දෙනෙකුද වශයෙන් සාර්ථකව නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ මෙම පුද්ගලයින් පිරිස රජයේ සෞඛ්‍ය උපදෙස්වලට අනුව නිරෝධායන මධ්‍යස්ථානය තුළින් පිටත් කර යැවීමට කටයුතු කර ඇත.
මෙහිදී ඔවුන් වෙත නිරෝධායනය සාර්ථකව අවසන් කල බවට ලබා දෙනු ලබන සහතිකපත් ලබා දීමටද නාවික හමුදාව කටයුතු කර තිබේ.



