උ/පෙළ හා ශිෂ්‍යත්වය ගැන අවසන් තීන්දුව මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව

Share

මැතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරිමෙන් පසු අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

 

හෙට(08) දිනයේ මහ මැතිවරණය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කිරිමට නියමිත අතර එම දිනය සලකා බලා විභාග පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

කෙසේවෙතත් පවතින වසංගත තත්ත්වයේ අවදානම තවදුරටත් පහව නොයාම හේතුවෙන් පාසල් ආරම්භ කිරිමට හෝ විභාග පැවැත්වීම පිළිබද මෙතෙක් කිසිදු තිරණයක් නොමැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

පාසල් විවෘත කිරිමට හෝ විභාග කටයුතු පැවැත්වීමට සෞඛ්‍ය අංශ විසින් තවමත් උපදෙස් ලබා දී නොමැති අතර අනුගමනය කළ යුතු ක්‍රමවේ ද ඇතුළත් චක්‍රල්ඛයක් පමණක් නිකුත් කර ඇති බව සඳහන්.

එම චක්‍රලේඛය දිවයිනේ සියලු පාසල් හා අධ්‍යාපන ආයතන වෙත යොමු කර තිබේ.

Read more

Local News