සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 1150ක්

Share

අද (11) දිනය තුළ මේ දක්වා කොරෝනා ආසාදිතයින් 28 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 1150 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කොවිඩ් නයින්ටීන් රෝගය වැළඳුණු තවත් පුද්ගලයින් 10 දෙනෙකු ඊයේ (10) දිනය තුළ හඳුනා ගෙන තිබේ.

එම හඳුනා ගැණුනු රෝගීන් දස දෙනාත් සමඟ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1869 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ දිනයේ දී හඳුනා ගැණුනු රෝගීන් දස දෙනා අතර නාවික හමුදා සාමාජිකයින් 08 දෙනෙකු ද වෙයි.

Read more

Local News