ළිඳකට වැටී දරුවෙක් මරුට

Share

පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේදී ළිඳකට වැටී වයස අවුරුදු 11 ක පිරිමි දරුවෙක් මිය ගොස් තිබේ.

 

මිය ගිය දරුවා එම ප්‍රදේශයේම පදිංචිකරුවෙකි.

දරුවා නිවසේ නොසිටීම හේතුවෙන් මව සහ ඥාතීන් විසින් සෙවීමේදී නිවස අසල පිහිටි ළිඳක තිබී දරුවාගේ මෘත ශරීරය සොයා ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෘත ශරීරය මුලතිව් රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

Read more

Local News