කොළඹ 07, නිදහස් චතුරස්‍රය ආසන්නයේ තිබි පුද්ගල මළ සිරුරක් සොයාගෙන තිබේ.
අද (12) උදෑසන 6.45 පමණ එම මළ සිරුර සොයාගත් බව පොලීසිය පැවසීය.
මියගිය පුද්ගලයා රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.
මියයාමට හේතුව මෙතෙක් අනාවරණය වි නොමැත.
සිද්ධිය සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලීසිය විමර්ශන සිදුකරයි.



