මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1880ක් දක්වා ඉහලට

Share

මෙරටින් හදුනාගෙන ඇති කොවිඩ් නයින්ටීන් ආසාදිත ගණන 1880ක් දක්වා ඉහල ගොස් තිබේ.

 

ඒ ඊයේ(12) දිනය තුළ හදුනාගත් නව කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් තිදෙනා සමඟයි.

ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර නාවික හමුදා සාමාජිකයින් දෙදෙනෙකු වෙයි.

ඔවුන්ගෙන් එක් අයෙකු විඩත්තලෙයි නිරෝධාන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අතර අනෙක් නාවික හමුදා සාමාජිකයා මුලතිව් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන බව සදහන්.

එමෙන්ම ඊයේ දිනයේ හදුනාගත් ආසාදිතයින් අතර කුවේට් හි සිට මෙරටට පැමිණ අම්පාර නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වන අයෙකු ද වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මෙරටින් හදුනාගෙන ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින්ගෙන් 1196 දෙනෙකු මේ වන විට සූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් ආසාදිතයින් 673 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබයි.

Read more

Local News