හංවැල්ලේ වෙඩි තැබීමක්

Share

හංවැල්ල, එලමලවල ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.

 

ඊයේ (12) පස්වරුවේ ත්‍රිරෝදරථ රියදුරෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇතිබව පොලිසිය සඳහන් කළේයෙ

එහිදී තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

මෙලෙස තුවාල ලබා ඇත්තේ 43 හැවිරිදි වැලිපිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි පුද්ගලයෙක්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර හංවැල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News