මාලදිවයිනේ සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 291ක් දිවයිනට

Share

මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 291 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.

 

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඔවුන් මාලේ නුවර සිට අද(13) පෙරවරුවේ කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි බව වාර්තා වේ.

දිවයිනට පැමිණි ශ්‍රී ලාංකිකයින් පිරිස කටුනායක ගුවන් තොටුපලේ දී පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර අදාල වාර්තා ලැබෙන තෙක් ඔවුන් සංචාරක හෝටල් කිහිපයක නවාතැන් ගෙන තිබේ.

අදාල පරීක්ෂණ වාර්තා නිකුත් වීමෙන් අනතුරුව එම ශ්‍රී ලාංකිකයින් පිරිස නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතයි.

Read more

Local News