ඇඳිරි නීතිය අද (14) සිට තවදුරටත් ලිහිල් කර තිබේ.
ඒ අනුව නැවත දැනුම්දෙන තෙක් සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන්නේ මධ්‍යම රාත්‍රී 12.00 සිට අළුයම 04.00 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදී සහ එදිනෙදා ජීවිතයේ දී කොරෝනා නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදි මුලුමනින්ම පිළිපදින ලෙස රජය සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියි.



