බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 411ක් අත්අඩංගුවට

Share

බස්නාහිර පළාතේ සිදු කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී හෙරොයින් ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 170 දෙනෙකු ඇතුළු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 411 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග පරිදි ඊයේ(13) උදෑසන 6.00 සිට අද(14) පෙරවරු 5.00 දක්වා කාලය තුළ වැටලීම් සිදුකෙරුණි.

එහිදී ගංජා ළඟ තබාගත් පුද්ගලයින් 88ක්, අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 14 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊට අමතරව නීති විරෝධී මත්පැන් සමග පුද්ගලයින් 102ක්, ගෝඩා ළඟ තබාගත් පුද්ගලයින් 18ක් සහ වෙනත් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි පුද්ගලයින් 19 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

Read more

Local News