ජාතික රෝහලේ මුදල් මංකොල්ලයේ සැකකරු ඇල්ලූ කොස්තාපල්වරයා රිය අනතුරකින් ජීවිතක්ෂයට

Share

කොළඹ ජාතික රෝහලේ සිදුවූ මුදල් කොල්ලයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ රාජ්‍ය බුද්ධි කොට්ඨාශයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු රිය අනතුරකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.

 

කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි එම කොස්තාපල්වරයා අද (14) අලුයම මියගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

පසුගිය 11 වැනිදා රාත්‍රී තුන්මුල්ල ප්‍රදේශයේදී මෙම පොලිස් කොස්තාපල්වරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු රැගත් යතුරුපැදිය ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණි.

Read more

Local News