බස්නාහිර, වයඹ, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් අද (15) දිනයේ දී තැනින් තැන වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින හරහා විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරුමැද, වයඹ හා දකුණු පළාත්වලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර 40-50 දක්වා වැඩි විය හැකියි.



