තවත් කොරෝනා ආසාදිතයින් 55ක් සුවය ලබයි

Share

අද (15) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 55 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1342 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර ඊයේ (14) දිනය වන විට මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1889 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබුණි.

ඒ නාවික හමුදා සාමාජිකයින් පස්දෙනෙකු වෛරස ආසාදිතයින් බවට හඳුනා ගැනිමත් සමඟයි.

Read more

Local News