කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ පිටත්වීමේ පර්යන්තය අද(15) දහවල් 12.00 සිට ගුවන් මගීන් සමග පැමිණෙන පුද්ගලයන් සඳහා විවෘත කර තිබේ.
ඒ අනුව කටුනායක ගුවන්තොටුපළ ඔස්සේ පිටත්වීම සඳහා ගුවන් ප්‍රවේශ පත්‍රයක් රැගෙන එන එක් ගුවන් මගියෙකුට, අමුත්තන් තිදෙනකු සමග පිටත්වීමේ පර්යන්තයට ඇතුළු විය හැක.
සියලු අමුත්තන් මුඛ ආවරණ පැළද සිටීම අනිවාර්ය වන අතර, අනෙකුත් සියලු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද ද අනුගමනය කරමින් පිටත්වීමේ පර්යන්තය වෙත ඔවුන්ට ඇතුළුවීමට අවසර දෙන බව සඳහන්.



