මහ බැංකු බැඳුම්කර වංචා සිද්ධියට අදාළව ගොනුකර තිබෙන නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති, අර්ජුන් මහේන්ද්‍රන් විසින් ඔහුගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර් “ යනුවෙන් වෙනස් කර ගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලීසිය මඟින් වාර්තා කර ඇතැයි නීතිපතිවරයා කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයට දැනුම් දී තිබේ.
මෙම නඩුව අද (16) සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගේ සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පාරින්ද රණසිංහ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින දැනට අධිකරණය මඟ හැර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඔහුගේ නම “හර්ජාන් ඇලෙක්සැන්ඩර්“ යනුවෙන් වෙනස් කර ගෙන තිබෙන බවට ජාත්‍යන්තර පොලීසිය මඟින් වාර්තා කර ඇතැයි දැනුම් දුන්නේය.



