අලෙවිකිරීම සඳහා ගජමුතු ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු පරසන්ගස්වැව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
පරසන්ගස්වැව මාර්ගයේ වැටලීම් රාජකාරීයේ යෙදී සිටි නිලධාරීන් පිරිසක් විසින් යතුරුපැදියක් නවතා සිදුකළ පරීක්ෂාවක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදි සැකකරු සතුව තිබී ගජමුතු 06ක් පොලිස් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරු 29 හැවිරිදි අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙයි.
ඔහු අද (16) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.



