කේරළ ගංජා සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

Share

ඕමන්ත පොලිස් වසමේ තුවරන්කුලම් ප්‍රදේශයේ දී සෙට්ටිකුලම් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් කේරළ ගංජා සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඕමන්තේ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් එක්ව සිදුකල මෙහෙයුමක දී කේරළ ගංජා කිලෝ 6 යි ග්‍රෑම් 16ක් සන්තකයේ තබා තිබු සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 29 ක් වු පනික්කර්පූලියන්කුලම්, ඕමන්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරු අද (17) වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News