ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් තැපැල් කාර්යාල මඟින් මෙම මස 22 වන දා සිට ලබාගත හැකි බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ සභාපති නීතිඥ ප්‍රේමචන්ද්‍ර ඈපා මහතා විසින් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව පවසා ඇත.
2020 ජුනි මාසය සඳහා විශ්‍රාම වැටුප් ලබා ගැනීමට නියමිත සියලු ගොවි විශ්‍රාම වැටුප් සහ ධීවර විශ්‍රාම වැටුප් ලාභීන් වෙත විශ්‍රාම වැටුප් සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ජුනි 20 වන දා සිට සියලු තැපැල් කාර්යාල වෙත ලබා දීමට කටයුතු කර ඇති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



