අඩු අදායම්ලාභීන් ට නොමිලේ සූර්ය බල විදුලි උත්පාදන කට්ටල ලබාදීමේ වැඩපිළිවෙලක්

Share

අඩු ආදායම්ලාභි පවුල් වෙසෙන සියලුම නිවාස සඳහා සූර්ය බල විදුලි උත්පාදන කට්ටල නොමිලේ ලබාදීමේ වැඩපිළිවෙලක් ආරම්භ කිරීමට විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය තීරණය කර තිබේ.

ඒ සම්බන්ධයෙන් ඊයේ (17) පැවති අමාත්‍ය මණ්ඩල රැස්විමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් තමාට උපදෙස් ලබාදුන් බව විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යවරයා පවසයි.

අඩු ආදායම්ලාභී පවුල්වලට නොමිලේ විදුලිය ලබාදීම මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමේ අරමුණ වේ.

ඒ යටතේ රට තුළ විදුලි පහසුකම් නොමැති පවුල් 12,500 ද ඇතුළත්ව අඩු ආදායම්ලාභි සියලුම පවුල් සඳහා නොමිලේ සූර්ය බල විදුලි උත්පාදන කට්ටල ලබාදීමට නියමිතය.

Read more

Local News