අද (18) දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 24 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 1421 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අයි.ඩී.එච්, මුල්ලේරියාව, ඉරණවිල, කාතාන්කුඩි, හෝමාගම යන රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටි පිරිසක් සුවය ලබා පිටව ගිය බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය.
මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 1924 දක්වා ඉහළ ගොස් තිබේ.



