රථ වාහන දඩ මුදල් ගෙවීම සඳහා අතිරේක සහන කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඒ අනුව ජුනි 30 වැනි දා දක්වා එම සහන කාලය දීර්ඝ කර තිබේ.
ශ්‍රී ලංකා පොලීසිය විසින් 2020 පෙබරවාරි මස 16 දින හෝ ඊට පසුව නිකුත් කර ඇති එහෙත් කොවිඩ් 19 වසංගතය නිසා ගෙවීමට නොහැකි වූ රථ වාහන දඩ එදින ට පෙර ගෙවන ලෙස එම නිවේදනයේ දැක්වෙයි.
මෙම දඩ මුදල් දිවයින පුරා ඕනැම තැපැල් කාර්යාලයකින් හෝ උප තැපැල් කාර්යාලයකින් ගෙවීමට අවස්ථාව සලසා තිබේ.



