මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1926ක් දක්වා ඉහළට

Share

අද දිනයේ තවත් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් දෙදෙනෙකු හදුනාගෙන තිබේ.

 

ලන්ඩන් හි සිට පැමිණ රාජගිරිය නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි පුද්ගලයෙකු හා රුසියාවේ සිට පැමිණ පිටිපන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳාවා සිටි පුද්ගලයෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හදුනාගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඔවුන් දෙදෙනා ද සමගින් මේ වන විට මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 1926ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද (18) දිනයේ ද තවත් ආසාදිතයින් 24 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 1926 දෙනාගෙන් 1421 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය.

Read more

Local News