කංජිපානි ඉම්රාන්ගේ පියාට පහරදුන් තරුණයෙක් අත්අඩංගුවට

Share

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළ පස්වන සැකකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

 

“රොනාල් සිල්වා” නොහොත් “රෝගාන්ෂන්” නැමැති සැකකරු මට්ටක්කුලිය, සත්හිරු සෙවන නිවාස සංකීර්ණයේදී මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහුගේ වයස අවුරුදු 19 ක් බව පොලිසිය පවසයි.

කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධවලින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියට මීට පෙර සිව්දෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

එම සැකකරුවන් අද (19) අධිකරණයට ඉදිරිපත් කළ අතර ඉන් එක් සැකකරුවෙක් ජුලි දෙවැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නියෝග කළේය.

අනෙක් සැකකරුවන් තිදෙනා පැය 24ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලිසියට අධිකරණ අවසරය ලැබුණි.

Read more

Local News