මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීම සහ ඡන්ද විමසීම් නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා අද (20) සහ හෙට (21) යන දිනවල පැවැත්වීමට නියමිතව තිබේ.
අද පස්වරුවේ මැතිවරණ මහ ලේකම් කාර්යාලයේදී එම සාකච්ඡා පැවැත්වෙන බව සඳහන් වෙයි.
කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, රත්නපුර, කුරුණෑගල, මොණරාගල, දඹුල්ල, මාතලේ යන දිස්ත්‍රික්ක කේන්ද්‍ර කරගනිමින් අද දිනයේ එක් සාකච්ඡා වටයක් පැවැත්වෙන බව මැතිවරණ මහලේකම් කාර්යාලය පැවසීය.
ඒ සඳහා මැතිවරණ මහලේකම් කාර්යාලයේ නිලධාරීන්, මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ මධ්‍යස්ථානයේ නිලධාරීන්, දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරීවරුන් සහ දිස්ත්‍රික් සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් සහභාගී වීමට නියමිතය.
හෙට දිනයේදී මහනුවර, නුවරඑළිය, බදුල්ල යන දිස්ත්‍රික් කේන්ද්‍ර කරගනිමින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී මැතිවරණ ආරවුල් නිරාකරණය කිරීමේ සහ ඡන්ද විමසීම් නීති බලාත්මක කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡා පැවැත්වෙන බව සඳහන්ය.



