තවත් නාවිකයින් 15ක් සුවය ලබයි

Share

කොවිඩ්-19 වෛරසය ආසාදනය වී සිටි තවත් නාවික හමුදා සාමාජිකයින් 15 දෙනෙකු පූර්ණ සුවය ලබා තිබේ.

 

ඒ අනුව නාවික හමුදාවේ සුවය ලැබූ සංඛ්‍යාව 771 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බව නාවික හමුදාව පවසයි.

නාවික හමුදාවේ සාමාජිකයින් 901 දෙනෙකුට මේ වන විට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී තිබේ.

ඒ අනුව කොවිඩ් නයින්ටීන් ආසාදිත නාවික හමුදා සාමාජිකයින් 127 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව නාවික හමුදාව සඳහන් කරයි.

Read more

Local News