2024 දී යෝධ බැලුනයක් තුලින් පෘථිවි වායුගෝලයට මගීන් යැවීමට සැලසුම්

Share

දිනෙන් දින දියුණු වන නවීන තාක්ෂනය උපයෝගී කරගෙන අභ්‍යවකාශ ජය ගැනීමට වෙහෙස දරන අභ්‍යවකාශ සංචාරක සමාගමක් වන SPACE ( ස්පේස් පර්පෙචුවල් ) විසින් 2024 දී යෝධ බැලුනයක් හරහා අන්තික් ගෝලයට මගීන් යැවීම සදහා උත්සාහයක නිරත වෙන බව වාර්තා වෙයි.

 

ඒ අනුව යෝධ බැලුනයක් තුලින් පෘථිවි වායුගෝලයට සංචාරකයින් දියත් කිරීම මෙහි අරමුණ වන අතර ඒ තුලින් සංචාරකයින්ට පෘථිවියේ දර්ශනීය දර්ශන බලාගත හැකි වෙයි.

‘ස්පේස්ෂිප් නෙප්චූන්’ නම් පියාසර අභ්‍යවකාශ බැලූනය පීඩනයට ලක්වූ කැප්සියුලයකින් සංචාරකයින් අඩි 10,000 ක් ආන්තික ගෝලය තුළට ඇතුළු කරයි.

කෙසේ වෙතත් මේ සදහා ඩොලර් 125,000 ක් (ඩොලර් 100,000) ක් වැය වනු ඇතැයි වාර්තා වේ.

යානයට පුද්ගලයින් 09 දෙනකු නියමුවා ද ඇතුළුව ඇතුලත් කල හැකි අතර ප්‍රණීත ආහාර පාන සනිපාරක්ෂක ක්‍රමවේද ඇතුලත් වෙයි.

“පළමු වතාවට, අපගේ ගවේෂකයන්ට, අවම භෞතික අවශ්‍යතා සහිත ආරක්ෂිත, සුවපහසු ආකාරයකින් සහ ගුවන් යානයකට ගොඩවීම තරම් සරල අභ්‍යවකාශ ගමනක් ඔබට ලබා ගත හැකිය. බවයි ඔවුන්ගේ වෙබ් අඩවියේ සදහන් කර තිබෙන්නේ.

Read more

Local News