ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදු කිරිමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
ඔවුන් ලබන මස 2 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
සිද්ධියට අදාලව අත්අඩංගුවට ගත් තවත් සැකකරුවෙක් පැය 48 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ද අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.



