වත්තල දික්ඕවිට සුසාන භුමිය ඉදිරිපිට මුහුදු තීරයේ දියනාමින් සිටියදී තරුණියන් තිදෙනෙකු සහ පිරිමි ළමයෙකු දියේ ගිලී මියගොස් තිබේ.
මියගොස් ඇත්තේ උස්වැටකෙයියාව, කඳාන සහ බදුල්ල යන ප්රදේශවල පදිංචිකරුවන් පිරිසකි.
මියගිය පිරිමි ළමයා 14 හැවිරිදි අයෙකු වන අතර සෙසු පිරිස අවුරුදු 16,20 සහ 30 යන වයස්වල පසුවන්නන් වෙයි.
එකම පවුලේ ඥාතීන් පිරිසක් ඊයේ (20) පස්වරුවේ මෙලෙස දිය නෑමට ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා ඇති බව පොලිසිය පවසයි.



