ඥානසාර හිමි ඉදිරිපත් කළ රීට් පෙත්සම විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කරයි

Share

මහ මැතිවරණය සඳහා දිස්ත්‍රික්ක හතරක් වෙනුවෙන් තම පක්ෂය බාර දුන් නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ද අපේක්ෂකත්වය දරන “අපේ ජන බල“ පක්ෂය විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය තීන්දු කර තිබේ.

 

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ඒ. එච්. එම්. ඩී. නවාස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරනු ලැබිය.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කළේ අදාළ පෙත්සම් විභාග කිරීම සඳහා නොතීසි නිකුත් කිරීම ප්‍රතික්ෂේප කරන බවයි.

“අපේ ජන බල“ පක්ෂය විසින් කුරුණෑගල, කොළඹ, කළුතර සහ මොනරාගල දිස්ත්‍රික්ක සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබුණි.

Read more

Local News