සීතාවක පොඩ්ඩාගේ සමීපතමයෙක් ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට

Share

කිරිඳිවැල, රංවල ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධකරුවෙකු වන “සීතාවක පොඩ්ඩාගේ“ සමීපතමයෙකු ෂොට්ගන් වර්ගයේ ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

 

පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු වැඩිදුර විමර්ශන සඳහා කිරිඳිවැල පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව සඳහන්.

Read more

Local News