රාජිත සේනාරත්න හා අර්ජුන රණතුංග යන හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ.
ඒ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔවුන්ට සිදුකළ දැනුම් දීමකට අනුවයි.
ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරාගැනීම හේතුවෙන් අලාභ සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාලව කොමිසම මඟින් සිදු කෙරෙන විමර්ශනයට අදාළව මෙම කැඳවීම සිදුකර ඇත.
අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස රාජිත සේනාරත්න, අර්ජුණ රණතුංග සහ අනුර කුමාර දිසානායක යන හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් ඇතුළු පාර්ශව 17 ක් නම් කර ඇත.



