නාවික හමුදාව ඊයේ (22) දින කින්නියා සහ තඹලගමුව යන ප්‍රදේශයන්හි සිදු කළ සෝදිසි මෙහෙයුම් දෙකකදී තහනම් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය.
නැගෙනහිර නාවික විධානය විසින් කින්නියා පොලිසිය හා එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී හෙරෝයින් නමැති මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 400 ක පමණ ප්‍රමාණයක් ලග තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදී.
තවද එදිනම ශ්‍රී ලංකා නාවික හමුදාව තඹලගමුව පොලිසිය හා එක්ව සිදු කළ තවත් එක් සෝදිසි මෙහෙයුමකදී විකිණීමට සූදානමින් කේරල ගංජා ග්‍රෑම් 100 ක ප්‍රමාණයක් ලොරි රථයක රුගෙන යමින් සිටි තවත් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට හැකි විය
මෙලෙස අත්අඩංගුවට ගන්නා ලද පුද්ගලයින් වයස අවුරුදු 31 ත් 40 ත් යන වයස්වල පසුවන කින්නියා, කන්තලේ සහ කලුතර යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හඳුනාගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද තහනම් මත් ද්‍රව්‍ය සහ එම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි පරීක්ෂණ කටයුතු කින්නියා සහ තඹලගමුව පොලිස් ස්ථානයන් මගින් සිදු කරනු ලබයි.



