ට්‍රම්ප්ගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුටත් කොරෝනා

Share

අමෙරිකාවේ පැවති ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ රැළියට එක්වූ තවත් කාර්ය මණ්ඩල සාමාජිකයන් දෙදෙනෙකුට කොවිඩ් ආසාදිත බවට හදුනාගෙන තිබේ.

 

මොවුන් රැළිය පුරාවටම මුඛ ආවරණ පැළඳ සිටි බවට සඳහන් වුවත්, රැළියට එක්වූ බොහෝ දෙනා සමාජ දුරස්තභාවය නොතකමින්, මුඛ ආවරණ නොපැළැඳ කටයුතු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සමාජ දුරස්ථභාවය නොතකමින් හැසිරීම නිසා අද වන විට වැඩිම කොරෝනා ආසාදිත තරුණ වාහකයන් ගණනක් සිටින රට බවට අමෙරිකාව පත්ව තිබේ.

මේ වන විට ලොව වැඩිම කොවිඩ් ආසාදිතයින් ගණන අමෙරිකාවෙන් වාර්තා වේ.

Read more

Local News