මොනරාගල බන්ධනාගාරය තුළ දී රැඳවියෙක් ගෙල වැළලා ගෙන සිය දිවි හානි කර ගෙන තිබේ.
ඊයේ (23) පස්වරුවේ දී මෙම රැඳවියා විසින් බන්ධනාගාර රෝහල් වාට්ටුව තුළදී ගෙල වැළලාගෙන ඇති අතර පසුව ඔහු මොනරාගල මහරෝහලට ඇතුළත් කර ඇත.
රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රැඳවියා අද (24) අලුයම ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
ඔහු මීට පෙර අවස්ථාවක දී ද බන්ධනාගාරය තුළ සියදිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙසේ සියදිවි හානි කරගෙන ඇත්තේ ස්ත්‍රී දූෂණයක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගත කරනු ලැබූ රැඳවියෙක් වන අතර ඔහු බකිණිගහවෙල, මැදගම ලිපිනයේ පදිංචි වයස අවුරුදු 39ක පුද්ගලයකු බවට අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල බන්ධනාගාරය සහ මොනරාගල පොලීසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.



