පාසල් ආරම්භ කිරීමෙන් පසු ලබන මස 12 වනදා සිට අදියර 3 ක් යටතේ සියලුම දහම් පාසල් ආරම්භ කිරීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අනුමැතිය ලබාදී ඇත.
කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛයන්ට හා මාර්ගෝපදේශයන්ට අනුකූලව දහම් පාසල් පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා වෙත දැනුම් දී තිබේ.
ඒ අනුව දහම් පාසල්වල 11, 12, 13 යන අවසාන සහ ධර්මාචාර්ය ශ්‍රේණි ලබන මස 12 වන දින ආරම්භ කරන බව බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
3 ශ්‍රේණියේ සිට 10 ශ්‍රේණිය දක්වා සිසුන්ට ජුලි මස 26 වන දින සිට දහම් පාසල් ආරම්භ කිරීමට නියමිතයි.
1 හා 2 ශ්‍රේණිවල දහම් පාසල් සිසුන්ට පාසල්වල 1 හා 2 ශ්‍රේණි ආරම්භ කිරීමෙන් පසු එළඹෙන ඉරු දිනයේ සිට දහම් පාසල් පැවැත්වීමට සැලසුම් කර ඇති බව ද බෞද්ධ කටයුතු පිළිබද දෙපාර්තමේන්තුව පවසයි.



