කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ශ්රී ලංකාවට පැමිණීමට නොහැකිව බෙලරූස්හි රැඳී සිටි ශ්රී ලාංකිකයන් 290 දෙනෙකු දිවයිනට පැමිණ ඇත.
ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයකින් ඔවුන් අද (28) දින උදෑසන මින්ස්ක් නුවර ගුවන්තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.
මෙම ගුවන් මගීන් පිරිස ගුවන් තොටුපළ වෙත පැමිණි පසු පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.