අද (28) සිට බලපැවැත්වෙන පරිදි ඇඳිරි නීතිය මුළුමනින්ම ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
කොරෝනා වෛරසය පාලනය කිරීමට මාර්තු 20 වැනිදා මුල්වරට පනවනු ලැබූ ඇඳිරි නීතිය ජූනි 13 සිට ක්‍රියාත්මක වූයේ දිනපතා මධ්‍යම රාත්‍රී 12.00 සිට අලුයම 4.00 දක්වා පමණි.



