බස්නාහිර පළාතේ ඉදිරි දින කිහිපය තුළ බස් ධාවන කටයුතුවලින් ඉවත් වීමට ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය තීරණය කර ඇත.
එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පවසා සිටියේ පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය අනවශ්‍ය ආකාරයෙන් මුදල් ගැනීමට විරෝධය පළ කරමින් මෙම වර්ජනය සිදු කරන බවය.



