කටුනායක ගුවන්තොටුපළේ තීරුබදු රහිත සාප්පු අද සිට විවෘත වෙයි

Share

කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය අද (06) සිට යළි විවෘත කර තිබේ.

 

අද පෙරවරු 8.30 සිට පස්වරු 3.30 දක්වා ගුවන්තොටුපළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණය වීවෘත වනු ඇත.

ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම සඳහන් කළේ මාර්තු 09 වැනිදා සිට මැයි 31 වැනිදා දක්වා දිවයිනට පැමිණි ගුවන් මගීන් වෙනුවෙන් පමණක් තීරුබදු රහිත සාප්පු සංකීර්ණ අද සිට විවෘත කිරිමට නියමිත බවයි.

කෙසේවෙතත් ඒ සඳහා පැමිණීමට පෙර ගුවන්තොටුපොළ අමතා දිනයක් සහ වේලාවක් වෙන් කරගත යුතු බව එම සමාගම වැඩිදුරටත් පවසයි.

එලෙස භාණ්ඩ මිල දී ගැනීමට පැමිණෙන්නන් තමන් නිරෝධානය වු බවට අදාළ මධ්‍යස්ථානයෙන් ලබාදුන් සහතිකය හෝ ස්වයං නිරෝධායනයට ලක්වු බවට අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ලබාදුන් සහතිකය ද ඉදිරිපත් කළ යුතුයි.

ඊට අමතරව ගුවන් ගමන් බලපත්‍ර සහ ජාතික හැඳුනුම්පත රැගෙන පැමිණීම අනිවාර්ය වෙයි.

ගුවන්තොටුපොළ තුළ දී මුදල් හුවමාරු කරගැනීමට අවස්ථාවක් නොමැති බැවින් භාණ්ඩ මිල දී ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් රැගෙන ආ යුතුව ඇති අතර එසේ නොමැති නම් කෙඩිට් කාඩ්පත් මගින් භාණ්ඩ මිල දී ගත හැකි බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගම වැඩිදුරටත් පවසයි.

Read more

Local News