ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින් ගණන 106ක්

Share

මෙරට සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් සංඛ්‍යාව 2617ක් දක්වා ඉහළ ගොස් තිබේ.

 

ඊයේ (12) දිනය තුළ පමණක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

කන්දකාඩු මත්‍ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ගේ පුනරුත්තාපන මධ්‍යස්ථානය තුළ ආශ්‍රිතයන් 14 දෙනෙකු හඳුනාගත් අතර එම මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්තාපන මධ්‍යස්ථානය වෙත මාරු කළ රැඳවුවන් 76 දෙනෙකු ආසාදිතයන් බවට හඳුනාගැණුනි.

එමෙන්ම කන්දකාඩු මධ්‍යස්ථානයේ ආසාදිතයෙකු ළඟින් ඇසුරු කළ රාජංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් 06 දෙනෙකු ද වන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසීය.

මීට අමරතව ඉරානයේ සිට පැමිණි වෙළද නාවිකයන් දෙදෙනෙකු, බෙලරූස් රාජ්‍යයේ සිට පැමිණි 05 දෙනෙකු, බංග්ලාදේශයේ සිට පැමිණි දෙදෙනෙකු සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ  සිට පැමිණි එක් අයෙකු ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත් වේ.

Read more

Local News