නව නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් නිශාන්ත උළුගෙතැන්න මහතා පත්කර තිබේ.
ඒ මහතා 1985 වසරේදී ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වී තිබේ.
ඔහු ශ්‍රී ලංකාවේ 24 වැනි නාවික හමුදාපති වෙයි.
නාවික හමුදාපති ලෙස කටයුතු කළ අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (15) එම ධූරයෙන් විශ්‍රාම ලැබීය.



