දෙවන වාරයේ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස ඇරඹේ

Share

මෙවර දෙවන වාරය සඳහා වූ පාසල් නිවාඩුව ඔක්තෝබර් මස 9 වන දා සිට නොවැම්බර් මස 16 වන දින තෙක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

අද (20) කොළඹ පැවති අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්, රංජිත් චන්ද්‍රසේකර මහතා මේ බව පැවසීය‍.

මේ අතර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය එළැඹෙන ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වෙන අතර, අ.පො.ස.උසස් පෙළ විභාගය ඔක්තෝබර් 12 වැනි දා ආරම්භ වීමට නියමිතයි .

දීපව්‍යාප්ත සමීක්ෂණයක් සිදුකර විභාග සඳහා මුහුණ දෙන දරුවන්ගේ හා ගුරුවරුන්ගේ ඉල්ලීම අනුව මෙලෙස විභාග දිනය මසකින් කල්දැමු බව ද ලේකම්වරයා මෙහිදී පැවසීය.

Read more

Local News