තැපැල් ඡන්දය සලකුණු කිරීම අදින් අවසන් වෙයි

Share

තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා ලබාදී තිබූ කාලය අදින් අවසන් වේ.

 

පසුගිය 13 වනදා සිට 17 වන දක්වා තැපැල් ඡන්ද හිමියන් සඳහා ඡන්දය සලකුණු කිරීමට අවස්ථාව ලබාදී තිබුණි.

අදාළ දිනයන් හි ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද දායකයින්ට ඡන්දය සලකුණු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව විසින් අමතර දින ලෙස ඊයේ (20) සහ අද (21) දිනයේ අවස්ථාව ලබා දුනි.

ඒ අනුව අදාළ දිනයට ඡන්ද සලකුණු කිරීමට නොහැකි වු සියලු රාජ්‍ය සේවකයින්ට අද දිනයේ තම ඡන්දය සලකුණු කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මේ අතර මෙවර මහ මැතිවරණයට අදාළව ආගමික ස්ථාන පදනම් කරගනිමින් සිදුකරන මැතිවරණ ප්‍රචාරක කටයුතු පිළිබඳ පැමිණිලි ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

කොළඹ, ගම්පහ, කළුතර, හම්බන්තොට සහ අම්පාර යන දිස්ත්‍රික්කවලින් ආගමික ස්ථාන යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන බවට පැමිණිලි ලැබී ඇති බව එම කොමිසම සඳහන් කළේය.

Read more

Local News