සුවය ලැබු සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2094ක් දක්වා ඉහළට

Share

අද (24) දිනයේ කොරෝනා ආසාදිතයින් 17 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 2094ක් දක්වා ඉහළ ගොස් තිබේ.

‍මෙරට තුළ කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 648 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් ගතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඊයේ (23) දිනයේ දී එක් පුද්ගලයෙකු පමණක් කොවිඩ් නයින්ටීන් ආසාදිතයෙකු ලෙස හඳුනා ගැණුනු අතර ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව 2753ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read more

Local News