පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පවරා ගැටලු නිරාකරණය කිරීමට පියවර ගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
නව රජය පිහිටුවීමෙන් පසු ප්රමුඛ කාර්යයක් සේ සළකා පෙර පාසල් පද්ධතිය අමාත්‍යාංශයක් යටතට පත්කරන බව ජනාධිපතිවරයා පැවසු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (25) මාතර දිස්ත්‍රික්කයේ පැවති ජන හමුවකදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.
පෙර පාසල් ගුරුවරියන්ට මාසික දීමනාවක් ප්රදානය කිරීමට සැලසුම් කර ඇති බව ද එහි දී ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.



